2016 වසර අවසානය සිදුවුණේත් 2017 වසර ආරම්භය සිදුවුණේත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව කටයුතු කළ ආකාරය හා සම්බන්ධව පුදුම සහගත පුවත් මතුවෙමින් තිබියදීයි. ඇමරිකාව යනු ශ්‍රී ලංකාවේ මිත්‍ර රටක්. ඇමරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරියා වෙන ජෝන් කෙරී මහතාත් වරක් ලංකාවට පැමිණ පැවසුවා සේම ලංකාවේ ආමරිකානු තානාපතිවරයා වන අතුල් කේෂප් මහතා නිරන්තරයෙන් මතක් කරනවා මෙන්ම ඇමරිකාව යනු ලංකාවේ හිත මිතුරකු බවත් ලංකාවේ ජනවර්ග අතර සංහිඳියාවත් ආර්ථික සංවර්ධනයත් ඇති කරන්නට ලංකාවට උදව් උපකාර කරන්නට ඉතා දැඩි වුවමනාවකින් තමන් පසුවෙන බවත් නිරන්තරයෙන් පවසයි. ඒ අනුව තමන් ජාත්‍යන්තරය හෙවත් ඇමරිකාව ජයගත් බව අපේ ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යවරයාත් නිරන්තරයෙන් පවසන්නේ ඒ නිසා වන්නට ඇත.
2016 වසර අවසානයේ ලංකාවේ අපට ඇමරිකාව හා ලංකාව සම්බන්ධයෙන් දැනගන්නට ලැබුණු පුදුම එලවනම කාරණය එළිවූයේ වරක් ඉන්දීය ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ ශිව ශන්කර් මෙනන් මහතා විසින් එළිදැක්වූ කෘතියක් මාර්ගයෙනි. එයට අනුව ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී ලංකාවේ යුද්ධයට මැදිහත් වී ප්රභාකරන් බේරා ගෙන ගැටුම වෙනත් රටක සිට මෙහෙය වන්නට කටයුතු කළ යුතු බවට ඇමරිකාව හා නෝවෙ විසින් කළ යෝජනාව ඉන්දියාව ප්‍රතික්ෂේප කළ බවයි. එක් අතට ලංකාව හා ඇමරිකානු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අවදියෙන් සිටින පිරිස් වලට මෙහි ඇති පුදුමයක් නැත. ඇමරිකාව විසින් ප්රභාකරන් බේරා ගැනීමට උත්සාහ කළ බවට දැනට ශ්‍රී ලංකා රජය භාරයේ පසුවන කොටි සංවිධානයේ කේ.පීත්, ශ්‍රී ලංකාවේ යුධ හමුදාවේ සේවය කර මෑතකදී විශ්‍රාම ගිය කමල් ගුණරත්න මහතාත්, මාක් ස්ලේටර් විසින් නෝවෙ රජයේ ඉල්ලීම මත ලියවුණු To end a civil war හා සෝල්හයිම් විසින් ප්‍රසිද්ධියේම කරන ප්‍රකාශ වලත් මේ කාරණය මීට පෙරත් ප්‍රසිද්ධ කර තිබිණ. ලංකාවේ මිත්‍ර රටක් නම් කිසිම විටක වසර 30ක කුරිරු ත්‍රස්තවාදය අවසන් කරන අවස්ථාවේ දී ලංකාවේ ජනයා පීඩාවට පත් කළ ප්රභාකරන් තැනැත්තාව බේරා ගැනීමට උත්සාහ කරන්නේ නැත. එසේ කරන මිත්රයින් ගැන නම් සිතා ගැනීමටත් අපහසුය.
එවිට මතක් වන්නේ හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම් වෙන විවාද සම්පන්න චරිතයක් වූ හෙන්රි කිසින්ජර් විසින් සිදු කර ඇති බවට වන ප්‍රකාශයක් වන ඇමරිකාවේ හතුරෙක් වීම භයානකයි..ඇමරිකාවේ මිතුරෙක් වීම මරණීයයි. එවන් මිත්‍රයන් ගැන ලංකාව ඉතා හොඳින් සිතා බැලිය යුතු බවත් විමසිල්ලෙන් සිටිය යුතු බවත් පුදුමයක් නොවේ. මේ සිද්ධියෙන් හෙළි වන අනික් කාරණය නම් යුද්ධයට පසුව ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව විසින් එල්ල කළ යුධ අපරාධ චෝදනා අවබෝධ කර ගත යුත්තේ ඇමරිකාව විසින් ප්රභාකරන් බේරා ගැනීමට උත්සාහ කළ සන්දර්භය තුළය.
2017 වසර ආරම්භ වන්නේ ප්රශ්නකාරී ඇමරිකානු CIA සංවිධානය යටතේ ක්‍රියාත්මක වෙන Development Alternatives Inc. (DAI) යන සමාගම හා ලංකාවේ පාර්ලිමේන්තුව හා ස්වාධීණ කොමිෂන් සභා හා අමාත්‍යංශ සමඟ එකට කටයුතු කරන්නට ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ පුවතක් සමඟයි. වෙනිසියුලාවේ චාවේස් රජය පෙරලන්නට කුමන්ත්‍රණය කළ හා එම රටේ කටයුතු වියවුල් කරන්නට කුමන්ත්‍රණ කළා යැයි සැළකෙන මෙම කුප්‍රකට සමාගම වෙන Development Alternatives Inc. (DAI) සමඟ ශ්‍රී ලංකා රජයද ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ කථානායක කරු ජයසූරිය විසින් පසුගිය වසරේදී වොශින්ටනයේ සිදුකළ සංචාරයක් අතරතුරේදීය. මෙම සමාගම ලංකාවේ රජය හා අත්සන් කළ ගිවිසුම වන්නේ ‘Strengthening Democratic Governance and Accountability Project’ (SDGAP) යන ගිවිසුමයි.
මෙහි අදහස වන්නේ ලංකාවේ ප්රජාතන්ත්රවාදය හා යුක්තිය පසිඳලීමේ කාර්යය හෙවත් අන්තර්ජාතික යුධ අපරාධ යාන්ත්‍රණය සාර්ථක කරගැනීමේ ඇමරිකානු ව්‍යාපෘතිය යන්නයි. මෙම ගිවිසුම ලංකාවේ නීති වලට යටත් නොවන අතර ලංකාවේ විගණකාධිපතිවරයා ට මේ පිළිබඳව සොයා බලන්නට නෛතික බලයක් ද නැත. එමෙන්ම තවත් කාරණාවක් වන්නේ මේ වන විට විගණකාධිපති කාර්යාලය ද තවත් ඇමරිකානු ව්‍යාපෘතියක් යටතේ පරීක්ෂාවට ලක්වෙන බවයි. එම ව්‍යාපෘතිය සිදුකරන්නේ USAID මාර්ගයෙනි. ලංකා රජයේ දේශපාලනමය වශයෙන් වැදගත් අභ්‍යන්තර කටයුතු මෙසේ විදේශ සමාගම් වෙත අවුට් සෝස් කරන ව්‍යාපාරයක් ලංකාවේ රජය අරඹා ඇත්දැයි ප්රශ්නයකි. විශේෂයෙන් මෙම කාර්යයට මැදිහත් වන ඇමරිකානු සමාගම ඇමරිකාවේ ඔත්තු සේවාවේ අරමුදලින් ක්‍රියාත්මක සමාගමක් වීම තවත් ප්‍රශ්න කාරීවේ.
2017 වසර ආරම්භ වන්නේ ප්රශ්නකාරී ඇමරිකානු CIA සංවිධානය යටතේ ක්‍රියාත්මක වෙන Development Alternatives Inc. (DAI) යන සමාගම හා ලංකාවේ පාර්ලිමේන්තුව හා ස්වාධීණ කොමිෂන් සභා හා අමාත්‍යංශ සමඟ එකට කටයුතු කරන්නට ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳ පුවතක් සමඟයි. වෙනිසියුලාවේ චාවේස් රජය පෙරලන්නට කුමන්ත්‍රණය කළ හා එම රටේ කටයුතු වියවුල් කරන්නට කුමන්ත්‍රණ කළා යැයි සැළකෙන මෙම කුප්‍රකට සමාගම වෙන Development Alternatives Inc. (DAI) සමඟ ශ්‍රී ලංකා රජයද ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ කථානායක කරු ජයසූරිය විසින් පසුගිය වසරේදී වොශින්ටනයේ සිදුකළ සංචාරයක් අතරතුරේදීය. මෙම සමාගම ලංකාවේ රජය හා අත්සන් කළ ගිවිසුම වන්නේ ‘Strengthening Democratic Governance and Accountability Project’ (SDGAP) යන ගිවිසුමයි.

No comments:
Post a Comment